සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ප්රභූ සහ නිර්ප්රභූ ලෙස සමාජය තවදුරටත් බෙදීමක් සිදු නොවන බවත්, ප්රභූ යැයි හඳුන්වන පුද්ගලයන් පවා අද වන විට ඉතා සරලව ජීවත් වන මිනිසුන් බවත් රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා පවසයි.
ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ සිය නව විවාහය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ මතුව ඇති කතාබහට ප්රතිචාර දක්වමිනි.
තම බිරිඳගේ පවුලේ සාමාජිකයන් ඉතා සුහදව සහ සරලව කටයුතු කරන පුද්ගලයන් බව සඳහන් කළ කලණ ගුණසේකර මහතා, එවැනි සාමාන්ය කරුණක් සම්බන්ධයෙන් සමාජයේ “අති භයානක දරුණු තත්ත්වයක්” නිර්මාණය කරන්නේ ඇයිදැයි ප්රශ්න කළේය.
දේශපාලනයේ පැවති “ප්රභූ – නිර්ප්රභූ” බෙදීම පිළිබඳවද අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ සමාජය මෙන්ම දේශපාලනය සහ සංස්කෘතියද මේ වන විට වෙනස් වී ඇති බවයි.
“ඒක ඔළුවේ තියාගන්න එපා. දැන් දේශපාලනයත් වෙනස්. සංස්කෘතියත් වෙනස්. මේක ඊට එහා ගිය එකක්” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.


