සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව සහ පුද්ගලයාගේ සමාජ තරාතිරම නොසලකා දූෂණයට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා ප්රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ මහා විවාදය අමතමින් ශ්රී ලංකාවේ ජාතික ප්රකාශය ඉදිරිපත් කළ අමාත්යවරයා, දූෂණය ප්රජාතන්ත්රවාදය දුර්වල කරන අතර ජනතා විශ්වාසය බිඳ දමන බවද සඳහන් කළේය.
අල්ලස් හා දූෂණ විමර්ශනය සහ නඩු පැවරීම සම්බන්ධ ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමේදී ප්රගතියක් ලබා ඇති බවත්, දූෂණ විමර්ශන සහ නඩු පැවරීම් දේශපාලන මැදිහත්වීමකින් තොරව ඉදිරියට ගෙන යන බවත් ඔහු පැවසීය.
එමෙන්ම මත්ද්රව්ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම, ආර්ථික ස්ථාවරත්වය, ජාතික සංහිඳියාව, දේශගුණික යුක්තිය සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු කරුණු රැසක් පිළිබඳවද අමාත්යවරයා සිය දේශනයේදී අදහස් දැක්වීය.
ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන්ද ශ්රී ලංකාවේ ස්ථාවරය ඉදිරිපත් කළ ඔහු, පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය සහ ඊශ්රායලය සමඟ සාමයෙන් සහජීවනය වන ස්වාධීන පලස්තීන රාජ්යයක් සඳහා ශ්රී ලංකාවේ සහාය යළි අවධාරණය කළේය.


