සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට නොගොස් ගම්පහ පැවති වැඩසටහනකට සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන විවේචන පිළිබඳව අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
ඔහු සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වන්නේ ආණ්ඩුවට අවශ්ය පුද්ගලයන් මිස විපක්ෂයට අවශ්ය පුද්ගලයන් නොවන බවයි.
“අපි වැඩ කරන්නේ අපට ඕන විදිහට. අපේ ජනවරමට අනුව මිස විපක්ෂයට ඕන විදිහට නෙමෙයි. අපි යන්නේ අපේ ජනවරම සහ ඒ මත පදනම් වූ ක්රියාමාර්ග එක්කයි” යනුවෙන්ද අමාත්යවරයා පැවසීය.
ජනාධිපතිවරයා මෙවර UNGA වෙත සහභාගී නොවූ අතර, ශ්රී ලංකා දූත පිරිස මෙහෙයවමින් විදේශ අමාත්ය විජිත හේරත් සැප්තැම්බර් 28 වැනිදා ශ්රී ලංකාවේ ජාතික ප්රකාශය ඉදිරිපත් කළේය.
විපක්ෂය තමන්ගේ කටයුතු පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


