සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ තිලීපන් සැමරීම උතුරු පළාතේ පසුගිය වසර ගණනාව පුරාම සිදුවූ බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
දෙරණ නාලිකාවේ ‘360’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්යවරයා සඳහන් කළේ, සැප්තැම්බර් 15 සිට 26 දක්වා කාලය තුළ පසුගිය වසරවලදී මෙන් ඡායාරූප තබා තිලීපන් සැමරුම් පැවැත්වූ බවයි.
කෙසේ වෙතත්, මෙවර තිලීපන්ගේ පිළිරුවක් රැගෙනවිත් තිබූ බවත්, එය ඉවත් කිරීමට පෙර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය ක්රියාමාර්ග ගත් බවත් ඔහු සඳහන් කළේය.
අමාත්යවරයා අවධාරණය කළේ, නීතියෙන් තහනම් කර ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡන, කොඩි, ඡායාරූප හෝ වෙනත් සංකේත භාවිත කරමින් එම සංවිධානය ප්රවර්ධනය වන ආකාරයේ කටයුතු සඳහා කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවයි.
එමෙන්ම නීතියේ සීමාව තුළ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීමට අයිතිය ඇති බවත්, ජාතිවාදය හෝ ආගම්වාදය පෝෂණය නොවන සාමකාමී පරිසරයක් රට තුළ පවත්වාගෙන යාම වැදගත් බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.


