Type Here to Get Search Results !

වඳුරෙකු තරුණියකගේ රෙදි ගලවයි


වඳුරෙකු තරුණියකගේ ඇඳුම් උනා දමන්නට තැත් කරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා.

Sarah Wijohn නම් වූ 21 හැවිරිදි නවසීලන්ත ජාතික තරුණියක් සිය උපන් දිනය සැමරීම වෙනුවෙන් ඉන්දුනීසියාවට සිය පවුලේ සාමාජිකයින් සමඟ පැමිණ සිටියා.

ඔවුන් ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී එරට වනාන්තරවල ජීවත් වන වඳුරෙකු ඇය ඉඳගෙන සිට ස්ථානයට පැමිණි අතර පසුව ඇයගේ ඔඩොක්කුවට නැඟ ඇය සමඟ සිටිනු දකින්නට ලැබුණා.

මේ අතර ඇගේ පවුලේ සාමාජිකයෙකු මෙම සිදුවීම වීඩියෝ ගත කරමින් සිටි අතර ඔඩොක්කුවේ සිටි වඳුරා එක් වරම ඇය හැඳ සිටි ඇඳුමෙන් ඇද ඇයගේ ඇඳුම් ගලවා දමන්නට වුණා.

සිනාසෙමින් සිටි ඇය එක්වරම නිහඬව නිරාවරණය වන ශරීරය වසා ගත් අතර වඳුරා එවර පැන දිවූ සැටි කැමරාවේ සටහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙය සමාජ මාධ්‍ වෙත මුදා හැරි ඔවුන් පවසන්නේ ඉන්දුනීසියානු සංචාරය මේ සිදුවීම නිසා තව තවත් විනෝදජනක වූ බවයි.




Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads