ලොව පුරා ළමා පරපුර අතර ජනප්‍රිය ටින් ටින් චිත්‍රකතා මාලාව කලාපයක් ලෙස මුල් වරට 1930 වසරේ ප්‍රකාශයට පත් කිරීම සඳහා මුල් කවරයට අඳින ලද චිත්‍ර සටහන ඩොලර් එකොළොස් ලක්ෂ විසි දහසකට අලෙවි වී තිබෙනවා.
වොෂින්ටයේදී ඊයේ වෙන්දේසි කෙරුණු එම ටින් ටින් මුල් කවරය විකිණූ පුද්ගලයා හෝ මිලදී ගත් අය හෙළිදරව් කර නැහැ.
බෙල්ජියානු කාටූන් ශිල්පී ජියෝජස් රෙමී හෙවත් හර්ජ් විසින් බෙල්ජියානු පුවත්පත් වෙත නිර්මාණය කළ, තරුණ යොවුන් වාර්තාකරු ටින් ටින්ගේ කථා මාලාව, භාෂා 70 කට පරිවර්තනය කර ඇති අතර, එමඟින් චිත්‍රපට රැසක්ද නිර්මාණය කර තිබෙනවා.
සෝවියට්වරුන්ගේ දේශයේ ටින් ටින් ග්‍රන්ථයේ සිට එම චිත්‍රකථා පොත් රැසක් පසු නිර්මාණ්‍ය වූ අතර, ඒවායේ පිටපත් මිලියන 200 කට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වි ඇති බව සඳහන්.
