ලෝක උරුම සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණයට ලක්වීම සඳහා විශේෂ කරුණු රැසක් පාදක වී තිබෙනවා.
ඉන් සීගිරි ගල මත පිහිටි ජල තටාකය විශේෂයි.ඒ, එම ස්ථානයට ජලය රැගෙන ගියේ කෙසේ ද යන්න තවමත් සොයාගැනීමට නොහැකි වූ නිසාවෙනි.
බොහෝ කාලයක මෙම සීගිරි පව්ව මත තිබුණු පිහිටා තිබූ ජල තටාකය නොසිදෙන ජල උල්පතක් ව පැවතිය ද මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් සීගිරි ගල මත පිහිටි ජල තටාකය සම්පුර්ණයෙන්ම සිදී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් සීගිරි පව්ව මත පිහිටි ජල තටාකය පතුලේ පවතින රොන්මඩ සම්පුර්ණයෙන්ම ඉවත් කර පිරිසිදු කිරීමට සහ එහි අවට බැමි ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය විසින් ආරම්භ ඇති බව සඳහන්.
මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී සුමිත්‍රා බස්නායක මහත්මිය පැවසුවේ ජල තටාකය තමන් දන්නා කාලයක මෙලෙස සම්පූර්ණයෙන්ම සිඳී ගොස් නොමැති බවයි.