Type Here to Get Search Results !

මුලින්ම අභ්‍යවකාශයේ ඇවිද ගිය මිනිසා ජීවිතයෙන් සමුගනී


අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම මිනිසා ලෙසට ඉතිහාස ගතවන රුසියානු අජටාකාශගාමී ඇලෙක්සේයි ලියනොව් මියගොස් ඇතැයි වාර්තා වේ.

මියයන විට හෙතෙම 85 වන වියේ පසුවිය

දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳි රෝගි තත්ත්වයන් හේතුවෙන් මොස්කව් නගරයේ බර්ඩෙන්කෝ රෝහලේදී ලියනොව් මියගිය බව ඔහුගේ ඥාතීහු පවසති.

අභ්‍යවකාශ යානයෙන් පිටතට දැමුනු අඩි 16ක් දිග රැහැනකින් සිරුර ගැටගසාගෙන විනාඩි 12 ක කාලයක් අවකාශයේ රැඳී සිටිමින් ඔහු මෙම වාර්තාව තබා ඇත.

ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ 1965 වර්ෂයේ දී ය.

කෙසේවුවද මෙම ගමනේදී අජටාකාශ ඇඳුමේ ඇතිවූ දෝශයක් හේතුවෙන් ලියනොව්ට යානය තුළට ඒම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

ඇමරිකාව හා රුසියාව අභ්‍යවකාශයේ අධිපත්‍ය දැරීමට තරඟ කල එම කාලයේ මෙම රුසියානුවාගේ ක්‍රියාව විජයග්‍රහණයක් විය.

1975 වර්ෂයේදි දියත් කරනු ලැබූ ඇමරිකානු රුසියානු ඒකාබද්ධ සොයුස් - ඇපලෝ මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙසද ලියනොව් කටයුතු කළේය.

රුසියානුවකුට ලබාගතහැකි ඉහළම සම්මානය වන වීර පදක්කමෙන් ලියනොව් දෙවරක් පුදනු ලැබ ඇත.







Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads