Type Here to Get Search Results !

කොළඹට පාගමනක් ආවා කියලා ඥානසාර හිමිට සමාව දෙන්න බෑ.. බෞද්ධයන්ගේ පොදු ප්‍රශ්නයක් නම් මීට වඩා සෙනඟ එනවා.. - වසන්ත


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ කොළඹට පාගමනක් පැමිණි පමණින් නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තීරණයක් ගැනීමේදී රටේ අවශ්‍යතාව, ජනතා ඉල්ලීම් සහ මහානායක හිමිවරුන්ගේ උපදෙස්ද සැලකිල්ලට ගත යුතු බවයි.

අධිකරණ ක්‍රියාවලියක් තුළ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ සංවාදයක් මතුව ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් රජය කටයුතු කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා අදාළ කරුණු සලකා බලා තීරණයක් ගනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“මෙය බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් නොවේ. රටේ බෞද්ධ ජනතාවගේ පොදු ප්‍රශ්නයක් වූවා නම් මීට වඩා විශාල පිරිසක් පාරට බසිනවා” යනුවෙන්ද වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආගමික හෝ ජාතිවාදී මතවාද අවුස්සා රට තුළ බෙදීම් ඇති කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා, සියලු ජනවර්ගවලට සහ ආගම් අදහන ජනතාවට සාමයෙන් ජීවත් විය හැකි රටක් පවත්වාගෙන යාම රජයේ අරමුණ බවද වැඩිදුරටත් පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads