Type Here to Get Search Results !

මැතිවරණයකට යන්නේ අපි දුන් සියලු පොරොන්දු ඉටු කළාට පසුවයි! – මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වත්මන් රජය නැවත මැතිවරණයකට යෑමට පෙර බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් සියලු පොරොන්දු ඉටු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පවසනවා.

ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නියමිතව තිබූ තාර නැව් 30ක් පමණ විනාශ වී ඇති බවයි.

කෙසේ වෙතත්, දැනට පවතින තාර තොග කළමනාකරණය කරගනිමින් මාර්ග සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

📌 මධ්‍යම පළාතේ සංවර්ධනයට වෙන් කළ මුදල් ගැනත් හෙළිදරව්වක්!

2024 වසරේදී මධ්‍යම පළාතේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කර තිබූ බවත්, වත්මන් රජය යටතේ එම මුදල රුපියල් මිලියන 13,500ක් දක්වා ඉහළ ගිය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම 2026 වසර සඳහා මේ වන විට රුපියල් මිලියන 55,000ක් දක්වා ප්‍රතිපාදන වැඩි කර ඇති බවද ඔහු පැවසුවා.

පළාත් පාලන ආයතනවල බලය කුමන පක්ෂයකට හිමිව තිබුණත්, අවංකව කටයුතු කරන ආයතන සඳහා පක්ෂ භේදයකින් තොරව සංවර්ධන ප්‍රතිපාදන ලබාදෙන බවද මංජුල සුරවීරආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads