Type Here to Get Search Results !

අප්‍රිකා මහද්වීපයේ සටන්වදින ඩෙන්මාර්ක් ගැහැණිය



දවසේ මුලු පැය 24 පුරාම හමුදා රැකවරනය යටතේ  ලොව දරුවන් උදෙසා සටන්වදින එකම ගැහැණිය ඇයයි.අංජා ලෝක ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු ඇය පැහැර ගැනීමේ ඉලක්කයක් බවට පත්විය.

නයිජීරියාව ලෝකයේ භයානක රටවල් වලින් එකක් වන අතර බටහිර රටවල් එහි සංචාරය නොකරන ලෙස උපදෙස් දෙනු ලැබේ. කෙසේ වුවත් මෙි ඩෙන්මාර්ක් ගැහැනිය නයිඡීරියාවට පැමිණි පසු එහි තිබූ සමහර මිත්‍යා විශ්වාසයන් ඇය කුඩු පටිටමි කර දැමුවාය. එහි ඊණියා මායාමය සංස්කෘතියට ඉන් බලවත් පහරක් එල්ල විය. ඉති්න  අංඡා ලොවන් ගැන අපි මෙහෙම පටන් ගනිමු.

.ඩෙන්මාර්කයේ හිටිය හරි ලස්සන කෙල්ලක් හැම තිස්සෙම කැපී පේන්න අදින, මෝස්තර නිරූපිකාවක් විදිහට පෙනී ඉන්න .ඒ වගේම ඇග පුරා පචිච කොටාගෙන අවට සමාඡය සත පහකට ගණන් නොගත්තු.කොල්ලොත් එක්ක රවුමි ගහන. ඒත් එයාගෙ අමිම හරි වෙනස් එයා වැඩකලේ අනාථ  මහලු නිවාසයක. වෙනත් කවුරුන් හරි රැක බලාගත යුතු මිනිස්සුන්ට පිහිට වෙමින් දයාව කරුණාව දක්වමින්. එක දවසක් මෙි අමිම තමන්ගෙ දුවට පෙන්නනව යූ ටියුබි එකේ ගිය වාර්තා වැඩ සටහනක් Witch Children of Africa' ඒක තමයි මෙි කෙළිලොල් දගකාර කෙල්ලගේ ඡිවිතයේ හැරවුමි ලක්ෂය වුනේ. ඒකෙ තිබුණ සමහර දර්ශනවලට ඇයට පිස්සු නොහැදුනා විතරයි. මම මෙි ඉන්නෙ මොනවගේ ලෝකයකද කියල ඇය හිතුව. ඒවගේම මම මෙි කරමින් ඉන්නෙ මොන සෝබන වැඩද ඇය හිතුව.. මුලු දවස පුරාම ඒක මෙනෙහි කර කර හිටපු මෙි කෙල්ල එදා රෑට කෑවෙත් නෑ. අමිම එයාගෙ ළගට ඇවිල්ල ඇහුව. ඔයා පුතේ අර අප්‍රිකානු දරුවො ගැනද තාමත් හිතන්නෙ කියල.

සත්තකින්ම ඇය හිත හිත හිටියෙ මෙි නයිඡිරියන් දරැවො ගැනම තමයි. ඒ අප්‍රිකානු වාර්තා වැඩ සටහනින් පෙන්නනව නයිඡිරියාවෙ අන්ධ විශ්වාසයන්ගෙන් පිරුණු දෙමවුපියො තමන්ට ඉපදුන සිගිති දරුවන්ව පවුලට විනාශය ගෙන දෙනවයි කියල හිතල මහ පාරෙ, අත ඇරල යනව. මෙි දරුවන්ට අතවත් තියන්න නයිඡිරියානු සමාඡය බයයි. ඔවුන් හිතන්නෙ මෙි යක්ෂයාගේ දරුවො කියල. ඉතිං මෙි ළමයි  පිපාසාවෙන් බඩ ගින්නෙන් සති ගනන් ඇවිදිමින් ඉදල මැරිල යනව. ඒ දර්ශනය අන්ඡා රින්ග්රීන් ලෝචන් දකින්නෙ 2012 වර්ශයෙදී. එතකොට එයාගෙ වයස අවුරැදු 23 යි. එයා එදා හිතාගත්ත මගේ මුලු ඡිවිතයම මෙි දරුවන් වෙනුවෙන්  කැප කරනව කියල. ඒකට තවත් හේතුවක් තිබුණ. ඒ එයා ලෝකෙ වැඩියෙන් ආදරය කරපු එයාගෙ අමිම මැරෙනව ඒ අවුරැද්දෙම පිලිකාවක් හැදිල. 

අන්ඡා රින්ග්රීන් ඊට පස්සෙ ඇතුල් වෙනව අප්‍රිකානු මහද්වීපයට. ඉස්සෙල්ලම ටැන්සානියාව, මලාවි. ඊට පස්සෙ නයිඡිරියාව. ඇය නයිඡිරියාවට ඇතුලු වුනාට පස්සෙ හොයල බලනව ඇය දැකපු වාර්තා චිත්‍රපටියෙ තිබුණු දේවල් ඇත්තද කියල. ඔවු ඒ චිත්‍රපටිය 100 % ක් නිවැරදි තොරතුරු තමයි දීල තිබුනෙ. නැවත ඩෙන්මාර්කයට එන අන්ඡා ඇය සතු සියලු ඉඩකඩමි ගේ දොර විකුණල 2015 දි නයිඡිරියාවෙ පුරවැසිකම ගන්නව. හැම තිස්සෙම මල්පිපෙන , ශිත සහ සෞමය දේශගුනයක් තිබුණු. තමා වටකරගත් නෑදෑයො යාලුවො හිටපු මෙි වර්ණවත් මවුබිම අතෑරල දුගී පැල්පත්වලින් ගහන තමාට කාත්කවුරුවත් නැති . නොදියුනු රටකට එන්න සියලු සැප සමිපත්වලින් පිරුණු ගෙදරක හිටපු කෙල්ලකට ඔබ හිතනවද ලේසි පහසු වැඩක් කියල.  නෑ ! නමුත්
අපි ඒකට කියනව ‘‘ මනුෂ්‍යත්වය උදෙසා කල කැප කිරිම ‘‘ කියල.
අන්ඡා ඉස්සෙල්ලම කරන්නෙ නයිඡිරියාවෙන් අක්කර 3 ක ඉඩමක් අරන් නේවාසික‍ාගාරයක් එක්ක පාසැලක් හදන එක. එයා ඒ වැඩෙි කරල ඉවර වෙලා තවත් හිතවතුන් කීප දෙනෙක් එක්ක නයිඡිරියාවෙ ප්‍රධාන නගර, මුඩුක්කු , ගමි නියමිගම් පිරමින් මෙි මහමග අත ඇරල දාපු දරැවන්ව හොය හොය ඇවිදිනව හරියට සුරංගානාවියක් වගේ. කුණු බක්කි ගාව කඩමාලුවලින් ඔතපු කැහැටු සිරුරු ඇය හිමින් දෝතට අරන් උස්සන් එනව. ඊට පස්සෙ එයාලව පිරිසිදු කරල කවල පොවල ඇදන්වලට 
 ඇදන් එහෙමත් නැත්නමි තොටිලි මතට දානව. ඒක තමයි දැන් මෙි සුරංගනාවියගෙ නිත්‍ය දිනපතා රාඡකාරිය. මෙි 2018 සැප්තැමිබරය වෙනකොට එයා ගාව ඉන්නව ඒ වගේ දරුවො සිය ගණනක්. මෙි හැම දරුවෙක්ම ඇයට කතා කරන්නෙ මමා කියල. ඇය තමයි ඔවුනගෙ ආදරණිය අමිමා  ! අන්ඡා තමන්ගෙ නේවාසිකාගාරය සහ පාසැල ඉස්සරහ ගහල තියෙනව ‍බෝඩි එකක් '' අප්‍රිකානු දරුවන්ගේ අධ්‍යාපන හා සංවර්ධන පදනම '' කියල නයිඡිරියාවේ කුනු බක්කි අසල. මං මාවත්වල මියයාමට නියමිතව සිටි සිය ගනන් දරුවො දැන් ඇගේ තුරුලෙ මල් වගේ පෙති විහිදමින් ඉන්නව. එයාලගෙ අනාගතය අතිශය පැහැදිලියි. වර්ණවත්. 2016 දි මෙි දිරිය ගැහැණියව ඡර්මනියෙ Ooom Magazine එක නමිකරනව '' ලෝකයේ සිත් ඇදගන්නා සුලු ගැහැණිය '' කියල 
ඔවු ආදරණිය අන්ඡා රින්ග්රීන් ලෝවන් ඔබ සත්තකින්ම සිත් ඇදගන්නා සුලු නයිඡිරියාවෙි  දේව හස්තයයි. සුරගනයි.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads