Type Here to Get Search Results !

සහරාන්ගේ 2020 සැලැස්ම හෙලිවෙයි


සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන පෙළේ හෝටල් හා ප්‍රධාන රෝහල් තුළ එකවර පුපුරාගෙන මහ විනාශයක් කිරීමට සැලසුම් කර තිබූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේදී මුල් වරට ඉකුත් සතියේ අනාවරණය වුණා.

ගිලන් රථවල පුපුරන ද්‍රව්‍ය පුරවා කොළඹ, යාපනය, මහනුවර, රෝහල් තුළ මහා පරිමාණ පිපිරවීම් කිරීමටත් සිදු කළ සැලසුම් දැනට අත්අඩංගුවේ සිටින මරාගෙන මැරෙන පුහුණුව ලද අන්තවාදීන් විසින්ම අනාවරණය කර ඇති බවත් එහිදී හෙළිවුණා.

වනාතවිල්ලුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එම්.ජේ. මාරසිංහ ඇතුළු කණ්ඩායම සොයාගත් අන්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය තිත්පොළ හා පුපරන කඳවුර තුළදී ඉකුත් වසරේ ජනවාරි 30 දා අන්තවාදීන් අසූවක් පුහුණු කරන්නට සූදානම් කර තිබූ බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම අන්තවාදී කඳවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන ජනවාරි 16දා වැටලීමෙන් පසුව දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලද බවත් රිදීතැන්නේ රුපියල් ලක්ෂ විසිපහකට සහරාන් මිලදී ගත් මහවැලි ඉඩමක තිබී ජෙලක්නයිට් කූරු 238ක් සොයාගත් බවත් හෙළිවුණා.

මෙම විමර්ශනවලට අනුව සහරාන් කණ්ඩායමක් ඉදිරි ප්‍රහාරක තොරතුරු ඇතුළු සියලු කාරණා අප්‍රේල් 10 දා වන විට රටේ ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වෙත ලිඛිතව දැනුම් දුන්නද එය නොතකා හැරීම නිසා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත් මෙම සතියේදී ජනාධිපති කොමිසමේ හෙළිවුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads