මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම ප්‍රධාන භූමිකාව රඟන සුවිශේෂී චරිතයක් තමයි දිනිති වල්ගම කියන්නේ. ඉතින් ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
දිනිති කොහොමද ජීවිතේ?
මේ දවස්වල මගේ ජීවිතේ නිර්මාණ එක්ක තමයි ගතවෙන්නේ. නිවාඩු ඉවර වුණාට පසු ඉතින් උඩු ගුවනේ තමයි.
මේ දවස්වල කොහොමද නිර්මාණ කටයුතු?
ස්වාධීන රූපවාහිනියේ ‘හිරු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ භාග්‍යාගේ චරිතයත්, ‘නෝ පාකින්’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට යොමු වෙනවා.
ඔබ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒත් ඔබව දකින්නේ ටෙලිනාට්‍ය සුළු ප්‍රමාණයක පමණයි?
එහෙම නැහැ. නමුත් මම නිර්මාණ පිටපත වගේම අධ්‍යක්ෂවරුන් ගැනත් බලලයි චරිත තෝරා ගන්නේ. ඒ හැමදේම මම හොයලා බලලා තමයි රඟපාන්නේ. නැතුව ආවට ගියාට හැම නිර්මාණයක්ම භාරගන්නේ නැහැ. මොකද මේ මගේ වෘත්තිය නෙමේ.
ඔබ ගුවන් සේවිකාවක්. රඟපෑම වෙනම ඉසව්වක්. මෙවැනි රාජකාරි දෙකක් කරන්නේ කොහොමද?
එය සැලැසුම්සහගතව කරන දෙයක්. මගේ යහළුවන්ගෙන්, ඒ වගේම එයාර් ලංකා ගුවන් සමාගමෙන් මට ලැබෙන්නේ ලොකු සහායක්. ඉතින් සියල්ල බැලන්ස් කරගෙන වැඩ ටික කරගෙන යනවා.
ඔබ කාලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියා. නැවැත කාලෙකට පස්සේ තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?
ළමා කාලය ඉඳලම මම ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒත් පසුකාලීනව උසස් අධ්‍යාපනය හදාරන්න ඉන්දියාවට ගියා. ඉතින් අධ්‍යයන කටයුතු නිසා මම අතරමඟදි නිර්මාණවලින් ඈත්වෙලා හිටියේ. පසුව වසර තුනහාමාරකට පෙර ‘හාරකෝටිය’ හරහා නැවැත රඟපාන්න සම්බන්ධ වුණා.
විදේශීය රටවල ගිය විට දිනිතිට ලොකු පිළිගැනීමක් ඇති නේද?
ලන්ඩන්, ජර්මන්, ඉතාලි රටවල මට පාරෙවත් බැහැලා යන්න බැහැ. ඒ තරමට විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් මාව වැලඳගන්නවා. සෙල්ෆි ගහනවා. කතාබහ කරනවා. ඔවුන් ඒ රටවල සේවය කළත් ලංකාවේ කලාවත් එක්ක ලොකුවට ගනුදෙනුවක් තියෙනවා. මම හිතනවා ලංකාවට වඩා විදේශීය ලාංකිකයන් ටෙලිනාට්‍ය, චිත්‍රපට නැරැඹීමට ලොකු නැඹුරුවක් දක්වන බව.
ඔබට තිබෙන මේ කාර්යබහුලත්වය නිසා ආදරය කරන්නවත් කාලයක් නැතුව ඇති?
මට ආදරය කියන දේ ඕනෑවටත් වඩා ලැබෙනවා. නමුත් තවම නම් පෙම්වතෙක් නැහැ. මොකද මම කැමැති නැහැ කවුරුත් අමාරුවේ දාන්න. මම කරන වෘත්තියත් එක්ක ආදරය කරන්න කාලයක් වෙලාවක් නෑ.