කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ පස්වන මරණය අද (04) වෙනිදා උදෑසන වැලිකන්ද විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙදි සිදු වුණා.
මියගිය අය අංක 813/02 ගැමුණු මාවත අතුරුගිරිය හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 44 වියැති පුද්ගලයෙක්.
ඔහු ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදි ඇති වු කොරෝනා රෝගය නිසා වැලකන්ද කොවිඩ් 19 විශේෂිත ප‍්‍රථිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව සදහන්.
ඔහුගේ සිරුර හමුදා හා පොලිස් අරක්ෂාව යටතේ අරලංගවිල විජයබාපුර පිහිටි දිඹුලාගල ප‍්‍රාදේශිය සභාවට අයත් ආදාහනාගාරයෙදි සවස 02 ට පමණ සෞඛ්‍ය අංශ වල සහභාගිත්වයෙන් අවසන් කටයුතු සිදු කෙරුණා.
මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතින් කිහිප දෙනෙකුද සහභාගි ව් දේහයට අවසන් ගෞරවය දැක්වීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවස්ථාව ලබා දුන්නා.







