Type Here to Get Search Results !

කැකිරාව පොලිසියේ නිලධාරීන් 8ක් ස්වයං නිරෝධායනයට


අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් ඊයේ (5) සවස කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් කැකිරාව ඉහළගම ප්‍රදේශයේ නවාතැන්පලක සැගව සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට පත් එම සැකකරු සමඟ ඔහුගේ සහෝදරයා අදාළ නවාතැන්පලේ දින අටක පමණ කාලයක් සැගව සිට ඇති අතර ඔහුගේ සහෝදරයා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර සදහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඒ හේතුවෙන් එම පුද්ගලයා හා සැකකරු සැගව සිටි කැකිරාව ඉහළගම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළේ හිමිකරු ද, රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයා සමඟ සිටි සැකකරු සහ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු නිලධාරීන් 8දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads