MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබුණා.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද ( 06) නාවික හමුදාව කටයුතු කරනු ලැබුවා.
මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.
ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කළාපය (SARR) තුල අනතුරට හෝ හදිසි තත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී තිබෙනවා.
එලෙස ගොඩබිමට රැගෙන ආ මෙම කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.


