Type Here to Get Search Results !

හෙද හෙදියන් කොරෝනා මර්දන කටයුතුවලින් ඉවත්වීමේ සූදානමක්?


පවත්නා හදිසි තත්වය හමුවේ හෙද නිළධාරීන්ට සිය රාජකාරි සිදු කිරීමේදී මතුව ඇතු ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් සියලු හෙද නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පවසනවා.
ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡා පැවැත්වූ නමුත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් වෘත්තීය ක්‍රියමාර්ගයක් වෙත යෑමට සිදුවන බවයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
ඒ අනුව ඉල්ලීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් හෙට සහ අනිද්දා (05,06) හෙද සේවාවලින් ඉවත් වන බවයි රත්නප්‍රිය මහතා අවධාරණය කරන්නේ.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads