දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ දංකොටුව – මෝරුක්කුලිය ප‍්‍රදේශයේ අපෝස්තලික දේවසභාවට අයත් දේවස්ථානයක අද (04) දහවල් දේවමෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පැවසුවා.
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ දංකොටුව පොලීසිය එක්ව සිදුකළ මෙම වැටලීමේදී සෞඛ්‍ය අංශ සහ පොලීසිය විසින් ලබාදී ඇති උපදෙස් උල්ලංඝණය කරමින් මෙම පිරිස දේවමෙහෙය පවත්වමින් සිටි බවද දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් අය මෝරුක්කුලිය ප‍්‍රදේශයේම පදංචි එකම පවුලේ ඥාතීහු පිරිසක් වන අතර අත් අඩංගුවට ගත් පිරිස මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


