කොරෝනා වෛරස් ව්‍යාප්තිය වළක්වාලීම සඳහා වසා දමා ඇති අටළුගම ගම්මානයේ ඇතැමුන් බොල්ගොඩ ගඟ හරහා පැමිණ අනෙක් ගම්මාන වල සැරිසරන බවට තොරතුරු ලැබී තිබෙනවා.
මේ හේතුවෙන් අටළුගම ආසන්නයෙන් බොල්ගොඩ ගඟ හරහා ආරක්ෂක අංශ විසින් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
මෙම ගම්මානය කීපදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී තිබීම හේතුවෙන් එය තව දුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා මුළු ගම්මානයම වසා දමා සියළු පවුල් නිරෝධායනයට ලක් කර තිබෙනවා.


