කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ දෛනිකව එකතු වන කැළි කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් හාරසියයකින් පමණ අඩුවී ඇතැයි කොළඹ මහ නගර සභාව පවසනවා.
සාමාන්‍යයෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දෛනිකව එකතු වන කැළි කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 550ක් වන අතර මේ දිනවල එය මෙට්‍රික් ටොන් 150ක් දක්වා පහළ වැටී තිබෙනවා.
මහ නගර සභා බල ප්‍රදේශයේ නිවාසවලින් ඉවත් කෙරෙන කැළි කසළ එකතු කිරීම සහ ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ කටයුතු ජාත්‍යන්තර නිරෝධායන ක්‍රමවේදවලට අනුකූලව සිදු කෙරෙන බව කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවා.


