Type Here to Get Search Results !

කලුතර රෝගියා සමග බසයේ ආ අකුරැස්සේ පුද්ගලයකුටත් කොරෝනා


කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කොරෝනා වයිරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයා පැමිණි බස් රථයේම පැමිණ ඇති, අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අද(05)තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
කලුතර පුද්ගලයාට කෙරෝනා වැළඳිමෙන් පසු ඔහු සමග බස් රථයේ පැමිණි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් පිරිසක් මාතර කඹුරුගමුව ලැබිම රෝහලට සහ කරාපිටිය රෝහලට ඊයේ (04) ඇතුලත් කර තිබෙනවා.
එහිදි කරන ලද PCR පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ ලැබීම රෝහලට ඇතුලත් කරන ලද අකුරැස්සේ මලිදුව පදිංචි පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාධනයවි ඇති බවයි.
ඔහු 42 දෙහැවිරිදි පුද්ගලයෙකි වන අතර රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම රෝගියා අද කොළඹ IDH රෝහලට යවන බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads