Type Here to Get Search Results !

මත්තේගොඩ මරණයේ වෛද්‍ය වාර්තාව මෙන්න


මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන වාර්තාව තහවුරු කර ඇතැයි කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසුවා.

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී අද (02) සිදු කෙරුණා.

එහිදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන ලද අතර මරණයට හේතුව හෘද ද හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නිගමනය කළා.

එසේම මෘතදේහය කොහුවල සුසාන භූමියේදී දෙවැනිදා ආදාහනය කරන ලෙසටද හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළා.

ඒ අනුව මේ බව මරණකරුගේ නෑයන්ට දන්වා අද 2දා දිනයේදීම මෘත දේහය මෘත දේහය ආදාහනය කිරීමට පියවර ගන්නා බව පොලීසිය පැවසුවා.

මේ අතර මරණකරු විදේශගතව සිට පැමිණි අයකු බැවින් ඔහුට කොරෝන රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී තිබුණත් නිවැසියන් දින දාහතරක් නිරෝධායනයට ලක් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ලබා දී තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads