ඇදිරි නීතිය ඉවත් කර ඇති පළාත්වල තැපැල් කාර්යාල විවෘතව පැවැතියත්, නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් ලිපි හෝ පාර්සල් භාර නොගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් කාර්යාලවලට චක‍්‍රලේඛයක් යවමින් උපදෙස් දී තිබෙනවා.
ජාත්‍යන්තර තැපෑල ක‍්‍රියාත්මක නොවන බැවින් විදේශ ගමනාන්ත සඳහන් ලිපියනයන් සහිත තැපැල් භාර නොගන්නැයි තැපැල් කාර්යාලවලට උපදෙස් දී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවා.
ඇදිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල සාමාන්‍ය පරිදි තැපැල් කාර්යාල විවෘතව ඇති බවත් තැපැල් බෙදීම් කටයුතු ඇතුළු කටයුතු සිදුවන බවත් තැපැල්පතිවරයා ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඇදිරි නීතිය පවතින ප‍්‍රදේශවල කැපැල් කාර්යාල වසා ඇතත් තැපැල් කාර්යාල හරහා ඖෂධ බෙදා හැරීම් කටයුතු සිදුවන අතර සතොස සමග එක්ව ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් ද සිදුකිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.


