Type Here to Get Search Results !

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනාගේ PCR වාර්තා නිකුත්වෙයි


PCR පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවා.
advertisement
බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාරෙන් හමුවූ 56 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියා ඔහුට දීර්ඝ කාලයක සිට තිබෙන බව කියන වකුගඩු රෝගයකට කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉකුත් 19 වෙනි දින මෙම පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබූ බව වෛද්‍යවරිය පැවසුවා.
එම පුද්ගලයාට 20 දින සවස් කාලයේ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණා.
එම රෝහලේ දී PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරස් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහු අංගොඩ අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර මේ වන විට ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads