ආරක්ෂක අංශ සෙබලුන්ගේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පවත්වා ගෙන යෑම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදවාගෙන තිබෙනවා.
ඒ අනුව කොටහේන මධ්‍ය විද්‍යාලය , බත්තරමුල්ල සුභුති විද්‍යාලය ආදී විද්‍යාල මේ සඳහා දැනටමත් යොදාගෙන ඇති අතර රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය ඇතුලු කොළඹ නගරයේ තවත් පාසල් මේ සඳහා යොදවාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙද දැනටමත් භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා.
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය , ඩී.එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ හින්දු විද්‍යාලයේ හෙට (28) සිට මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
එලෙස කොපමණ කාලයකට පාසල් ලබාගත්තේදැයි විදුහල් පතිවරැන්ගෙන්ව විමසු අවස්ථාවේ ඔවුන් පැවසුයේ නැවත දැනුම්දෙනතුරු එම පාසල් ආරක්ෂක අංශ සඳහා ලබාගෙන ඇති බවය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී හෙතෙම පැවසුයේ ආරක්ෂක අංශ වලට පහසුකම් සැපයීම සඳහා පාසල් ලබාගැනීමට විමසු බවත් ඒ අනුව එම පාසල් ලබාදුන් බවත්ය.
මීට අමතරව ආරක්ෂක අංශ වෙත පහසුකම් සැපයීමට අවශ්‍යනම් පාසල් ලබාදෙන ලෙස අනිකුත් පාසල් වල විදුහල්පතිවරැන්ට ද දැනුම්දී ඇති බවද හෙතෙම සඳහන් කර සිටියා.
මේ අතර කිසිදු අවස්ථාවක පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පරිවර්ථනය කිරීමේ අදහසක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ නිවාඩු අවලංගු කොට ඔවුන් යලි කඳවුරු වෙත කැඳවිමට පියවර ගෙන ඇති
හේතුවෙන් කුඩා ප්‍රමාණයේ කඳවුරු තුල නිලධාරීන් අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පවත්වා ගෙන යෑමට පමණක් එම කඳවුරු ආසන්නයේ පිහිටි පාසැල් කිහිපයක් ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටි බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.
ඒ අනුව ලබාදිය හැකි පාසැල් කුමක්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා දැනුම් දී ඇති බවත් එම පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වා ගෙන යාමට කිසිසේත් කටයුතු නොකරන බව යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.


