කොළඹ නාරාහේන්පිට ප්‍රධාන පුද්ගලික රෝහලක ශල්‍යාගාරය ඇතුළු මහලක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
කොරෝනා ආසාදිත අයෙකු ප්‍රතිකාර ලැබූ බව හෙළිවීම නිසා මෙම පියවර ගෙන තිබුණා.
එහි සේවය කළ 300ක් පමණ නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
රෝහලේ ප්‍රතිකාර ගත් නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස කොරෝනා ආසාදනයට ලක්ව තිබෙනවා.


