Type Here to Get Search Results !

මීගමුවේ පිරිසකට සති තුනකටත් පසු කොරෝනා - හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා


මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු මියයාමෙන් පසුව එම ප්‍රදේශයෙන් නිරෝධායන කඳවුරු කරා රැගෙන ගිය පිරිස අතරින් කොටසක් ඊයේ (26) දිනයේදී කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇති බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

advertisement
ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා මරණය ලෙස මෙම කොච්චිකඩේ පුද්ගලයාගේ මරණය වාර්තා වූයේ මාර්තු 30 වනදා වන අතර 43 දෙනෙකුගෙන් යුත් පිරිසක් මඩකළපු, පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබුණේ අප්‍රේල් 01 වනදාය. ආසාදනයට ලක්ව ඇතැයි තහවුරු වී ඇත්තේ එයින් සුළු කොටසකි. 

"බණ්ඩාරනායක මාවතෙන් රැගෙන ගොස් දැනට නිරෝධායනය වෙමින් පවතින පවතින අය අතරින් එක් පුද්ගලයෙක් ඊයේ සොයාගනු ලැබුවා. නමුත් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළයි ඉන්නෙ. ඊට අමතරව පසුගිය දින ගණනාවක් පුරාවට හමු නොවුණත් මීගමුව - ඔබ දන්නවා මීගමුවේ පුද්ගලයෙක් මිය ගිහිල්ලා කොච්චිකඩේ ප්‍රදේශයෙන් අපි කණ්ඩායමක් අරන් ගියා - පෙරේදා ගත්ත සාම්පල් අනුව ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඔබ හිතන්න මීගමුවේ සිද්ධිය වෙලා කොච්චර කල් වෙනවද කියලා ? නමුත් අපි ඒ අවස්ථාවෙදි ක්‍රමවේදයන් අනුව අරන් අරන් ගිහින් තිබ්බෙ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට" යැයි හමුදාපතිවරයා සඳහන් කළේය. 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads