Type Here to Get Search Results !

මවක් තම දරුවන්ට කොරෝනා සහ කොවිඩ් යනුවෙන් නම් තබයි


කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා දින 21 ක අගුලු දැමීමකට (Lockdown)ලක්ව සිටින ඉන්දියාවේ දැඩි දුෂ්කරතාවයකින් රෝහල්ගත වී නිවුන් දරුවන් බිහි කළ මවක් සිය සැමියාද සමග එක්ව උපත ලැබූ දරුවන් දෙදෙනාට කොරෝනා හා කොවිඩ් යන නම් යෙදීමේ පුවතක් ඉන්දියාවේ රයිපුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මේ අනුව ඉකුත් 27 වැනිදා රයිපුර් ප්‍රදේශයේ බීආර් අම්බෙඩ්කාර් අනුස්මරණ රජයේ රෝහලේ උපත ලබා ඇති නිවුන් ගැහැණු දරුවා “කොරෝනා” යනුවෙන්ද නිවුන් පිරිමි දරුවා “කොවිඩ්” යනුවෙන්ද නම් කළ බව එම දරුවන්ගේ මව වන 27 හැවිරිදි ප්‍රීති වර්මා පවසනවා.
ඉකුත් මාර්තු 26 වැනිදා රාත්‍රියේ තමාට ප්‍රසුත වේදනාව දැනුනු පසු සිය සැමියා වහා ගිලන් රථයක් කැඳවා තමාව රයිපුර් හි රජයේ රෝහල වෙත ගෙන ආ බවත් ඉන්දියාව අගුලු දමා කිසිදු වාහනයකට මාර්ගවල ගමන් ගැනීමට ඉඩ නොදෙන තත්ත්වයක් තුළ වරින් වර තමා ගමන් ගත් ගිලන් රථය නවතා පොලිසිය විසින් පරික්ෂා කර බැලූ බව පවසන ප්‍රීති වර්මා කෙසේ හෝ තමන් සිටි තත්ත්වය දැක ගිලන් රථයට යාමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළා.
කොරෝනා වයිරසය පැතිරෙන වකවානුවක දුෂ්කරතා මැද මෙම නිවුන් දරුවන් දෙදෙනා බිහි කිරීම නිසාත් එම දරුවන් උපත ලැබූ පසු රෝහලේ කාර්ය මණ්ඩලයද ඔවුනට කොරෝනා හා කොවිඩ් යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පටන් ගැනීම නිසා තමා හා සැමියා එම නම් දරුවන්ට යෙදීමට පියවර ගත් බව උත්තර් ප්‍රදේශයේ පුරානි බස්ති ප්‍රදේශයේ කුලී නිවෙසක වෙසෙන දරුවන්ගේ මව ප්‍රකාශ කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads