Type Here to Get Search Results !

මරදානේ මියගිය රෝගියා නිසා පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට සිදුවුනු දේ?


කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා තිබෙනවා.
එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළා. ඒ, පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල සංගීතමය වැඩසටහක් සංවිධාන කරමින්.
මේ අතර අදාළ පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කළ ග‍්‍රෑන්ඩ්පාස් ‘‘ද වාස් පටුමග’’ තවදුරටත් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඔහුගේ පවුලේ සියලුදෙනා ද මේවනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග‍්‍රෑන්ඩ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත‍්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින්.
ඔවුන් ඒ සඳහා ඇඳිරිනීති අවසරපතක් ලබා ගැනීමට ග‍්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත ගොස් ඇති බවට ද අනාවරණ වී තිබෙනවා. ඒ අනුව අදාළ අවස්ථාවේ එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ද නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇතිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads