Type Here to Get Search Results !

ඇඳිරි නිතිය ‘තාවකාලිකව’ ඉවත් වන හැටි මෙන්න


කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට (6)උදෑසන හයට තාවකාලිකව ඉවත් කිරීමට නියමිතයි.
එය යළි එදිනම පස්වරු දෙකට පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ඇඳිරි නීතිය ඉවත් කළත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් සහ කුඩා තේ වතු, අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම වැඩකටයුතු කර ගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එසේම, අනුමත සේවා හැඳුනුම්පත් හෝ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කරන පුද්ගලයන් සහ වාහන සියල්ල අත්අඩංගුවට ගන්නා බව පොලීසිය ප්‍රකාශ කළා

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads