Type Here to Get Search Results !

බේරුවලින් පැන වාද්දුවේ හැංගුණු රෝගියෙක් හසුවේ - පාස්පෝට් එකකුත් තිබිලා


බේරුවල ප්‍රදේශයෙන් පලාවිත් වාද්දුව ප්‍රදේශයේ සැරි සරමින් සිටි අසනීප තත්වයේ පසුවු පුද්ගලයෙක් ඊයේ (6)රාත්‍රී වාද්දුව පොලිසියේ මැදිහත්විමෙන් නාගොඩ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙසේ රෝහල් ගත කරන ලද්දේ බේරුවල හෙටිටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු ප්‍රදේශයේ සැක කටයුතු අන්දමින් හැසිරිම හේතුවෙන් ප්‍රදේශවාසින්කල දැනුම් දීමෙන් පසු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගපෙරේරා ඇතුඵ පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂා කිරීමේදී අසනීප තත්වයෙන් පසුවන බැව් දැනුම් දී තිබෙනවා.
ඒ් අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන්වා වැඩිදුර පරීක්ෂා කිරිමෙන් පසු අසනිප තත්වයක් ප්‍රකාශ කල බැවින් හා මෙි දිනවල පවතින සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් 1990 සුවසැරිය ගෙන්වා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරිමට ක්‍රියාකරන ලදී.
ඔහු සතුව විදේශගමන් බලපත්‍රයක් තිබෙන අයුරුද දැකගත හැකි වුණා. අදාල පුද්ගලයාගේ රුධිර සාමිපල ලබාගෙන පරීක්ෂාව සදහා යොමුකල බැව් රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads