ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් රෝගින් 03 ක් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි.
මේ අතර අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු සුවය ලබා නිවෙස් වලට යාමත් සමඟම සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 42 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.