Type Here to Get Search Results !

ජනප්‍රිය නිළි අයිෂාරාගේ දරුවාට හදිසියේම වුනු දේ මෙන්න - මව්වරුන්ගෙනුත් ඉල්ලීමක්..?


කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ වෙද්දි ලෝකයේ හැම රෝහලක්ම කාර්යබහුල ස්ථාන බවට පත්වෙලා.
මේ වෙලාවේ ආරක්ෂක තත්ත්වය වුනත් වෙනදට වඩා ටිකක් තද නිසා රෝහල් පරිපාලන කටයුතුත් වෙනදට වඩා ටිකක් වෙනස් වෙලයි තියෙන්නේ.
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වුන අයිෂාරා අතුකෝරළ පහුගිය දවසක තමන්ට මුහුණ දෙන්න වුන මේ වගේ සිදුවීමක් ගැන එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තියලා තිබුණේ මේ වගේ හදිසි අවස්ථාවන් ගැන හැම අම්මා කෙනෙක්ටම ලොකු පණිවිඩයක් දෙන අතරෙයි.
ඇය මෙහිදී සඳහන් කරන්නේ විදෙස් රටක දී තමන් ලැබූ අත්දැකීමක් පිළිබඳවයි.
අපේ චූටි දුව සෙල්ලම් කරද්දි වැටිලා ඔළුව පැලුනා
ලේ නවත්වන්න අයිස් තියන්න වත් ලේ එන්නෙ හරියටම කොතනිනද කියලා හිතාගන්න වත් බැරි වෙන්න බබා බලන් ඉද්දි ලේ වලින් වැහිලා ගියා. පුළුවන් හැමදේම කරන අතරම දිගටම ඇම්බ්යුලන්ස් එකක් ගෙන්න ගන්න 999 (මේ ලංකාවෙ නෙමේ)
කෝල් කලාට ආන්ස කලේ නෑ. ලේ පෙරි පෙරි අපි එයාව පුලුවන් ඉක්මනට හොස්පිට්ල් එකට අරන් ගියා. (අරන් ගිය විදිහ තාමත් හිතාගන්නවත් බෑ ) සාමාන්‍ය විදියට වගේ ඉමජන්සි එකෙනුත් ටක් ගාලා රෙස්පොන්ස් කලේ නෑ. එන්ට්‍රන්ස් එකේදිම හැම කෙනෙක්වම චෙක් කරලා හයි ෆීව තියෙනවද කියලා බලලයි දැන් ඇතුලට ගන්නෙ. (නිකන් උනක් හරි හැදිලා තිබුනනම් වෙන සෙක්ශන් එකකට ගෙනියනවා ඇති.ඒක හරියටම දන්නෙ නෑ එහෙම උනේ නැති නිසා)
ඇතුලෙ වයිබ් එකත් වෙනදට වඩා ගොඩක් වෙනස්. උදව් කරන්න දුවගෙන ලගට එනවා වෙනුවට “දෙන්නෙක් එන්න එපා එක්කෙනෙක් බබාව අරන් මේ පැත්තෙන් එන්න” වගේ දේවල් කියන තත්වයක් තමා ඇතුලෙ තිබ්බෙ. (ඒකට කාටවත් වැරැද්දක් කියන්න බෑ මොකද ඒවයෙ වැඩ කරන්නෙත් තාමත් බයෙන් බයෙන් වැඩට යන තමන්ගෙ ජීවිතයටත් ආදරේ සාමාන්‍ය මිනිස්සු)
බබාගෙ ඔළුවට මැහුම් දාගෙන අපි ගෙදර ආවා. එදා ෆොටෝ එකක් ගන්න තරම් මානසිකත්වයක් තිබුනේ නෑ කියලා ඉතින් කියන්න දෙයක් නෑ නේ. ලේ වලින් බබා වැහිලා හිටිය විදිහ, ලේ නවත්තව ගන්න බැරැව දගලද්දි දැනුන අසරණකම අපිට ජීවිතේට අමතක කරන්න බැරි වෙයි.
මේ තියෙන්නෙ පැය 24 කට පස්සෙ බැන්ඩේජ් එක ගලවන්න හොස්පිට්ල් ගිය වෙලාවෙයි ඊට පස්සෙ ආයෙත් බෙහෙත් දාන්න ගියාමයි, බබාගෙ ආච්චිලා සීයලට යවන්න ගත්ත පික්චර්ස්. බබා දැන් ඩේන්ජ zone එක පහුකරලා කියල ඩොක්ටර්ස්ල කිව්වා. C.T scan එකෙන් පස්සෙ අපිටත් දැන් එහෙම දැනෙනවා ඒකයි මේක ගැන ලියන්න හිත හදාගන්න පුලුවන් වුනේ.
වෙච්ච දේ පබ්ලික් පෝස්ට් කලේ මේ කාලේ විශේෂයෙන්ම පොඩි බබාලව වෙනදටත් වඩා පරිස්සමින් බලා ගන්න කියලා හැමෝටම මතක් කරන්නයි. මේ වෙලාවෙ හැම සිස්ටම් එකක්ම (සිස්ටම්ස් තියෙන රටවල් වල පවා) ඉතාමත් දුර්වලයි. හදිසි ඇමතුම් සහ හොස්පිට්ල්ස් ඇතුළු සියල්ල!
වෙනදටත් වඩා ගොඩක් ප්‍රවේසම් වෙන්න♥️



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads