ඉදිරි සති දෙක තුළ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් එම කාලසීමාව තුළ නීති රීති දැඩි කරන ලෙස විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් ඊට එක්වූ මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කළේ අප්‍රේල් 20 වන දා තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14ක් බැගින් කාලසීමාවන් දෙකක් තුළ සීමාවන් සහ නීති රීති දැඩි කිරීම අත්‍යාවශ්‍ය බවයි.


