Type Here to Get Search Results !

කාම්බෝජයේ සිට පැමිණි රෝගියෙක් යාපනය රෝහලේදී මියයයි ඔහුට කොරෝනා දැයි සැකයක්?


යාපනය ශීක්ෂණ රෝහලට අද ඇතුළත් කළ රෝගියෙකු හදිසියේම මිය යාමත් සමගම ඔහුට කොරෝනා වෛරස් රෝගය වැළදී ඇද්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා මියගිය පුද්ගලයාගේ රුධිර සාම්පල රසායනාගාරයක් වෙත යවා තිබෙනවා.
ඔහුගේ රුධිර සාම්පල පිළිබඳව වාර්තාවක් ලැබෙන තුරු මියගිය අයගේ දේහය නිදහස් නොකිරීමට යාපන ශීක්ෂණ රෝහලේ පාලන අධිකාරිය තීරණය කොට ඇති බව වාර්තා වනවා.
වයස අවුරුදු 58 ක් වන මේ පුද්ගලයා පසුගිය පෙබරවාරී මස 7 වෙනිදා යාපනයට පැමිණ ඇත්තේ කාම්බෝජයේ සංචාරය කොට එහි කෙටි කලක් ජීවත් වීමෙන් අනතුරුවයි.
හදිසියේම ඔහු රෝගී තත්ත්වයට පත්වීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු රෝහල් ගත කොට ස්වල්ප වේලාවකදී මියගොස් තිබෙනවා.
මේ නිසා ඔහු මියගොස් ඇත්තේ කොරෝනා රෝගය වැළදීමෙන් බවට විශාල සැකයක් හට ගැනීම නිසා ඔහුගේ රුධිර සාම්පල දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කළ බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කේ.කේතිස්වරන් මහතා සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads