Type Here to Get Search Results !

කොරෝනා වැළදුනු බ්‍රිතාන්‍ය අගමැති දැඩිසත්කාර ඒකකයට


නව කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි.
හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් සිය ධුරයේ වැඩ බැලීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඩොමිනික් රාබ්ගෙන් ඉල්ලා ඇත්තේ අවශ්‍ය අවස්ථාවන්හිදී නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ලෙසයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට පළමුව තහවුරු වුයේ ඉකුත් මාර්තු මස 27 වෙනිදායි.
ඊයේ (05) දිනයේදී ඔහු ලන්ඩනයේ පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads