ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසනවා.
මෙම හැත්තෑපස් හැවිරිදි කාන්තාව ඊයේ (06) දින පස්වරුවේ රැගෙනවිත් තිබෙන අතර ඇය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටීම නිසා මෘත ශරීරාගාරය ප්‍රදේශයට ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ළං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා සඳහන් කළා.
මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින දහයකට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙළි තිබෙන බව ත් වාර්තා වනවා.
අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද ගිලන්රථ සේවකයෝ පොලීසියට සඳහන් කළා.
නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පොලීසියට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුවා.
දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා කියා සිටියේ රුධිර සාම්පල් මහනුවර මහ රෝහල වෙත යවන අතර මියගිය කාන්තාවගේ මෘතදේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ කටයුතු නිම කරන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් මත සැක සිතා සියලුම පරීක්ෂණ කටයුතු ඒ මත සිට සිදුකරන බව රෝහල් බලධාරීහු සඳහන් කළා.


