Type Here to Get Search Results !

නාවලපිටියට පැමිණි නාවික සෙබලුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි


වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් ව සිටි නාවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් තුන්දෙනෙක් PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
advertisement

නාවලපිටිය, දෙකිද අලුත්ගම ප්‍රදේශයේ සහ නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝධානයට ලක් වි සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු මෙසේ ඊයේ (26) දින රාත්‍රි නාවලපිටිය මුලික රෝහලේ ගිලන් රථයකින් වැලිසර නාවික හමුදා කඳවුර වෙත යොමු කිරිමට නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කළා.

වැලිසර නාවික හමුදා කදවුරේ සිට නාවලපිටිය ප්‍රදේශයේ තම නිවාස වලට නාවික හමුදා සෙබළුන් තිදෙනෙක් ඉකුත් 18 සහ 21 යන තෙදින තුළ නිවාඩු ලබා පැමිණ සිටියදි, මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම නාවික හමුදා සෙබළුන් තිදෙනා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ඇතුළු නාවික හමුදා සෙබළුන් සමිපව සම්බන්ධකම් පැවැත් වු ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පවුල් කිහිපයක්ද ස්වං නිරෝධානයට යොමු කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads