Type Here to Get Search Results !

කොරෝනා වලින් මිය යන රෝගීන්ගේ මල සිරුරු පාරේ දාලා..?


ලතින් ඇමරිකානු රටක් වන ඉක්වදෝරයද කොරෝනා ආසාදනය නිසා දැඩිව පීඩාවට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළ ඉතා ශෝචනීය සිදුවීමක් වන්නේ මෙම රෝගයෙන් මියයන අයට නිසි ගෞරව දක්වා අවසන් කටයුතු කිරීමට පවා වැඩ පිළිවෙලක් ඒ රටේ නැති බවයි. මිය යන අය පෙට්ටියක හෝ ඉටි කොලයක අසුරා පාරේ තැන් තැන් වල දමාගොස් ඇත්තේ පොලිසිය අවශ්‍ය නම් එකතු කරගෙන යන ලෙස දන්වමිනි. පවුල්වල අය හා අසල්වාසීන් දන්වන්නේ වෙන කරන්නට දෙයක් නැති බවත් ඔවුන්ටද රෝගය පවතින බවත්ය.
මේ ආකාර මළ සිරුරු 300 කට වැඩි ප්‍රමාණයක් සතියක කාලයක් තුළ එරට පොලිසියට මහමග දමාගොස් තිබියදී හමුවූ බවද වාර්තාවී තිබේ. කෙසේ වෙතත් මියයන සංඛ්‍යාවන්ද එරට හරිහැටි ගණනය නොවන බව සීඑන්එන් දන්වා සිටී. ජාත්‍යන්තර දත්ත අනුව මෙතෙක් ඉක්වදෝරයේ මියගිය ගණන 191 ක් පමණි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads