වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලැබ බේරුවල ගනේඅරඹ බංගලාවත්ත ගමට පැමිණි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශය පදිංචි නාවික හමුදා සෙබලෙකු ද කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසු කොළඹ අය්.ඩී.එච්. රෝහලට ඊයේ (25දා) රාත්‍රියේ ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.එස්.ඩී. සුරංග මහතා සඳහන් කළා.
මෙම නාවික සෙබළා ඉකුත් 22දා නිවාඩු ලැබ නිවසට පැමිණ ඇති අතර 24 දින සිය කැමැත්තෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට සුවසැරිය ගිලන් රථයෙන් ගොස් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී ඇතැයි පොලීසිය පවසනවා.
මේ අතර මෙම නාවික සෙබලාගේ නිවසට පැමිණෙන සිය ඥාතීන් ඇතුළු හිතවතුන් වන පාර්ශව කිහිපයක පුද්ගලයන් 50 දෙනෙකු පමණ ඇසුරු කර ඇති අතර එම සෙබලාගෙ නිවැසියන් ඇතුළු සියලු දෙනා ස්වයං නිරෝධායන ලක්කර පී .සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි.


