කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් ඊයේ (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන් පානය කිරිමෙන් පසු ඇති කරගත් ගැටුම් වලින් තුවාල ලැබු 19 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
හැටන් පොලිස් බල ප්‍රදේශයේ මත්පැන් පානය කර දෙපාර්ශවයක් අතර ඇති වු ගැටම්වලින් තුවාල ලැබු 16 දෙනෙකු දික්ඔය මුලික රෝහලටත්, මස්කෙලිය පොලිස් බල ප්‍රදේශයේ මත්පැන් පානය කර ඇති ගැටුම් වලින් තිදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලටත් ඊයේ දින ඇතුලත් කර ඇති බවයි හැටන් සහ මස්කෙලිය පොලීසියේ ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.


