Type Here to Get Search Results !

🔵 UPDATE - රාජිතගේ සුවදුක් බැලීමට අවසර නොදෙයි


රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳවීමට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
advertisement
ඒ, හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හෘදය සැත්කමකට ලක් කර ඇති බැවින් ඔහු භාවිත කළ ඖෂධ නිවසෙන් ගෙන්වා ගෙන භාවිත කිරීමට ද බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් විමසීම සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත පැමිණීමට, සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුම අවසර ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, පවත්නා තත්ත්වයන් යටතේ බන්ධනාගාරගත වූ පුද්ගලයින් බැලීමට අමුත්තන්ට අවසර ලබා නොදෙන බැවින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වුණේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads