නව කොරෝනා ආසාදිතයන් 11 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද දිනයේදී වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 21ක්
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 538 ක්.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 434 ක්.
එමෙන්ම මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ශ්‍රී ලංකාව තුළ මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙක් වනවා.


