එළදෙනක් තම වත්තට ඇතුළුවූ නිසා උරණවූ පුද්ගලයෙකු එළදෙනව වෙඩි තබා ඝාතනය කැර ඇතැයි තණමල්විල පොලීසිය පවසනවා.
මෙලෙස වෙඩි තබා ඝාතනය කැර ඇත්තේ ගැබිනි එළදෙනෙකි.
තණමල්විල ප්‍රදේශයේ කිවුල්වැව ප්‍රදේශයේ ගවහිමියෙකු ගවහලේ ගවයින් දසදෙනෙකු ඉකුත් 12 වෙනිදා තණ කැවීම සඳහා දක්කාගෙන යන අවස්ථාවේදී එළදෙනක් අසල ගෙවත්තකට පැන තිබෙනවා.
එම අවස්ථාවේදී ගෙහිමියා විසින් බෙහෙත් කොටන තුවක්කුවකින් එළදෙනට වෙඩිතබා ඇති අතර වෙඩි වැදුණු එළදෙන ගවගාල අසලට ගොස් මිය ගියා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබූ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.


