Type Here to Get Search Results !

පාසල් විවෘත කිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් - අත හෝදන්න තබා පාසල් 582ක වතුර බිඳක් නෑ


ජලබිඳක පහසුකමක්වත් නොමැති පාසල් 582ක් පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
advertisement
අපි මේ පිළිබඳව සොයා බලන්නේ දරුවන්ගේ අත් සේදීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන් පසුව යැයිද ඇමැතිවරයා සඳහන් කළා.
පාසල් යළි විවෘත කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (14 ) පැවැති වැඩසටහනේදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා පාසල් අටසියයකට අධික සංඛ්‍යාවක සිසුන්ට සුලු දිය පහ කිරීමේ පහසුකමක්වත් නොමැති බවද කියා සිටියා.
තවද බීමට හෝ සෞඛ්‍ය පහසුකමකට පාසල් දරුවකුට ජල බිඳක් නොමැති වීම බරපතළ තත්ත්වයක් යැයිද ඒ මහතා සඳහන් කළා.
පරිගණක පහසුකම් ඇති දරුවන්ගේ ප්‍රතිශතය සියයට විසි දෙකක් යැයිද රූපවාහිනී පහසුකම් ඇත්තේ සමස්ත දරුවන්ගෙන් සියයට අසු දෙකකට පමණක් යැයිද ඇමැතිවරයා කියා සිටියා.
එමෙන්ම ගුවන්විදුලියක් ශ්‍රවණය කිරීමේ පහසුකම් නොමැති සිසුන් විශාල පිරිසක් සිටින අතර ඉන් වැඩි පිරිසක් සිටින්නේ උතුරු පළාතේ බවද හෙතෙම සඳහන් කළා.
සිසුන් දහයට අඩු පාසල් 123ක් පවතින අතර සිසුන් 200ට අඩු පාසල් සංඛ්‍යාව 5143ක් බවද එහිදී අනාවරණය වුණා.
සිසුන් අඩු පාසල් ආරම්භ කිරීමට හැකියාව පවතින බව පළාත් අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කළත් පාසල් ආරම්භ කරන්නේ සියල්ල යහපත් වූ විට පමණක් යැයි ද ඇමැතිවරයා සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads