හෙට දිනයේ පැවැත්විමට නියමිත රණවිරු සැමරුමට අදාලව සිදු කෙරෙන ආචාර පෙළපාලියක පුහුණුවීම් සඳහා සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගේ පළමු PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ මෙම නාවික හමුදා සාමාජිකයින් ගේ පළමු PCR පරීක්ෂණ වාර්තා ඊයේ (17) ලැබුණු බවයි.
එම ප්‍රථිපල යලි සනාථ කර ගැනීම සඳහා දෙවන පරීක්ෂණයක් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.


