පවතින තද වැසි හේතුවෙන් ගාල්ල සහ මාතලේ දිස්ත‍්‍රික්කවල නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, ගාල්ල, කඩවත් සතර, අක්මීමන, ඇල්පිටිය, නියාගම සහ බෝපේ පෝද්දල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සහ මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම අවදානම තත්වය මතුව ඇති බවයි එම සංවිධානය පවසන්නේ.
එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කදු හා බෑවුම් ආශ‍්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවත්, රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානයන්හි පදිංචි ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යා යුතු බවත් ඔවුන් සඳහන් කරනවා.


