Type Here to Get Search Results !

අත්හදා බැලූ කොරෝනා වලට එරෙහි එන්නතක් සාර්ථක වෙයි


කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ එන්නතක් වඳුරන්ට එන්නත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වනවා.
මෙම එන්නත ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ සහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඞ් සරසවියේ පර්යේෂකයන් විසින් නිපදවා ඇති අතර එය ලබා දී ඇත්තේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන මැකාක් වඳුරන්ටයි.
advertisement
මෙලෙස එන්නත් කළ වඳුරන් නිරාවරණය කර ඇති අතර, එහිදී ඔවුන්ගේ පෙනහළු සහ ශ්වසන මාර්ගයට වෛරසය ඇතුළු වී ඇත්තේ සුළු වශයෙන්.
ඒ අනුව එම එන්නත මගින් වඳුරන්ට නියුමෝනියාවට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනගා ඇති බව විශ්වාස කෙරෙනවා.
කෙසේ වෙතත් එම එන්නත වඳුරන් සඳහා සාර්ථක වුවද එය මිනිසුන්ට ඒ ආකාරයෙන්ම ක්‍රියා කරන්නේ ද යන්න සහතික කළ නොහැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.
නමත් මෙම එන්නතල අත්හදා බැලීම සඳහා යොදා ගත් රීසස් මැකාකේස් වඳුරු විශේෂයේ පවතින්නේ මිනිසාට සමාන ප්‍රතිශක්තිකරණ පද්ධතියක්.
මේ අතර, ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා එන්නත අත්හදා බැලීමේ කටයුතු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආරම්භ වී ඇති අතර, එම එන්නත පුද්ගලයන් දහසක නියැදියකට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads