නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නා සහ දෙකිද අලුත්ගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වීමත් සමග එම ගම්මාන දෙකම දින 14 කට හුදකලා කිරිමට නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචි කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබළෙකුගේ බිරිඳ දරුවන් දෙදෙනා සහ පවුලේ සමාජිකයන් මිහින්තලේ නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබියදී සිදු කළ PCR පරික්ෂණයේ දී එම නාවික හමුදා සෙබළාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛසරය අසාධයනය වී ඇති බවට තහවුරුව ඇති බව නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කෙලමුන්න මහතා සඳහන් කළා.


