Type Here to Get Search Results !

අනතුරු ඇඟවීමක් - කොණ්ඩය කපන්න පෙර මේ කරුණු දැනුවත් වෙන්න


දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග සැලුන්, ත්‍රිරෝද රථ, සුපිරි වෙළෙඳසල්, සහ පොදු වෙළෙඳසල් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වියහැකි ස්ථාන බවට පත්විය හැකි බැවින් ඒ පිළිබඳ වඩාත් කල්පනාකාරී වන්නැයි වෛද්‍ය පර්‌යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.
advertisement
විශේෂයෙන්ම සැලුන්වලදී කොණ්ඩය හා රැවුල කැපීම සඳහා එකම පොරෝනය භාවිත කිරීම අවදානම් ක්‍රියාවක් බැවින් එසේ නොකරන ලෙසත් ත්‍රිරෝද රථවලට දෙදෙනකුට වඩා ඇතුළු කර නොගන්නා ලෙසත් අධ්‍යක්ෂවරයා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.
වෛරසය රට තුළ ව්‍යාප්තව ඇත්තේ එක්තරා සීමාවකට පමණක් බැවින් සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියාකරන පුද්ගලයන් හේතුවෙන් වෛරසය දිවයින පුරා පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි යැයි ද හෙතෙම අනතුරු අඟවනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads